Published
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සමඟ බලපෑමට ලක් වූ පාර්ශ්වයන් හඳුනාගෙන ඉදිරියේදී ඔවුන් සඳහා සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
ඔහු පැවසුවේ ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවයි.
මේ අතර මාර්ගගත ක්‍රමය හරහා සේවාවන් ලබා ගැනීමට ඇති අවස්ථාවන් සොයා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් ද කළා.



