Published
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී මාර්ග අනතුරු 20% ත් 30% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විනීතව සහ නීතිගරුකව රිය පදවන ලෙසයි.
මත්පැන් සහ විෂ මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කළ රියදුරන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අදහස් පළ කළා.




