මෙම වසරේ පළමු ශ්‍රේණිය සදහා රජයේ පාසල්වලට ඇතුළත් කර ගත් සිසුන් පළමු වරට පාසල් පැමිණි දිනය වූයේ අද දිනයයි.
එය මෙරට අධ්‍යාපන ක්ෂේත්රයටද සුවිශේෂි දිනයක් වනවා.
ඒ, පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට ආරම්භවීමයි.
සතුටින්, විනෝදයෙන් හා අර්ථවත්ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක් අරමුණක් වනවා.
සිසුන් විසින් රැගෙන එන පොත් බෑගයේ බර කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සැලසුම් කර තිබෙනවා.
දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් හදුනා ගනිමින් ඔවුන් කැමති ක්ෂේත්රයක් කරා යාමට හැකි පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කර ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ දීර්ඝ කාලයක් තිස්සේ රටට අවශ්‍යව තිබූ කරුණක් අද සිට ක්‍රියාත්මක වන බවයි.




