ප්‍රධාන ගංඟාවල ජල මට්ටම මේ වනවිට අවදානම මට්ටමක නොමැති වුවද පහත්බිම්වල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ගංඟා ආශ්‍රිතව තවදුරටත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද පුරෝකතනය කර ඇත්තේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය වැඩි විය හැකි බවයි.

ඒ අනුව විශේෂයෙන් කැළණි, කළු, අත්තනගලුඔය, ගිංගඟ යන ගංඟා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් සිටිය යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.