ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග මේ වනවිට රජය සතුව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මෙරට ඉන්ධන සංචිතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළා.
මේ අතර ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා.
ධීවරයන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සදහා ආණ්ඩුව ගන්නා පියවර කවරේදැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ආණ්ඩුවෙන් විමසා සිටියා.
මේ ඊට ප්‍රතිචාර දැක්වූ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා.
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් ධීවර කටයුතු නිරත ධීවරයන්ගේ ගැළුවට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබදවද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී විමසා සිටියා.
ඒ සම්බන්ධයෙන් ධිවර අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට කෘෂිකර්ම නාමල් කරුණාරත්න මහතා පිළිතුරු ලබාදෙමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ධීවර ගැටළුව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට උත්සාහ කළා.
එහිදී ඇති වූයේ මෙවන් සංවාදයක්.




