ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙනුවෙන් එම නිල ආරාධනය සිදුකර ඇත්තේ ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්.

වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා හමු වී අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම නිල ආරාධනා පත්‍රය භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.