Published
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක්ව තිබෙනවා.
ඒ, ඊයේ දින (23) සිට ක්‍රියාත්මක වන පරිදි බවයි වාර්තා වුණේ.
ඔහු 2023 සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි කරනු ලැබුවා.
සිය විසි වසරකට අධික සේවා කාලය තුළ ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබෙනවා.




