පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත දැනුම් දී තිබූ අදාළ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී සභාවට දැනුම් දෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව කියාසිටියා.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ දහනය වන ගල් අගුරු විකිණීමෙන් 2015 වසරේ සිට මේ දක්වා උපයා ඇති ආදායම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසනු ලැබුවා.

එහිදී අතුරු ප්‍රශ්නයක් යොමුකරමින් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

එහිදී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා සහ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර සංවාදයක් ඇති වුණේ මෙලෙසයි.