කහව, ගොඩගම ප්රදේශයේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන මුහුදු වෙරළ ආසන්නයේ තිබූ පොල් ගසක හැපි අද (01) උදෑසන අනතුරට පත් වී තිබෙනවා.
අනතුරින් පසුව වාහනයේ මුහුණත බිමටත් පිටුපස කොටස පොල්ගස උඩ දෙසටත් පිහිටන සේ විශ්මිත අයුරින් මෝටර් රථය නතර වී තිබුන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මෙම අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු තිහක් පමණ වන ගොඩගම, බේරතුඩුවේ පදිංචි නවීන් දුෂාන්ත නැමැති අයෙකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෝටර් රථයේ රියදුරු ලෙස ඔහු කටයුතු කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ වෙනත් කිසිවෙක් මෝටර් රථයේ ගමන් කර නොමැති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අම්බලන්ගොඩ, වාහන ශබ්ද විකාශන යන්ත්ර අළෙවි ආයතනයක හිමිකරුවෙක් වන මොහු නව වසරට ආශිර්වාද පතා පිරිත් දේශණයක් පවත්වා ගැනීම සදහා භික්ෂූන් වහන්සේ නමක් කැදවාගෙන ඒමට යමින් සිටියදී මෙසේ අනතුරුට පත්ව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ .
අනතුරින් පසු මෝටර් රථය නතර වී තිබූ අයුරු
User comments
User comments
User comments


