දෙහිවල, බෙල්ලන්තර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුවියකට ලිංගික අතවර කිරීමට තැත් කළ ක්‍රීඩා උපදේශකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දෙහිවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදීයි.
යගුළිය විසි කිරීමේ ක්‍රීඩාවේ නිරත එම සිසුවිය අද පස්වරුවේ සිය පුහුණුවීම් කටයුතු සදහා දෙහිවල එස් එස් ජයසිංහ ක්‍රීඩාංගනය වෙත පැමිණ තිබෙනවා.
පුහුණුවිම් අතරතුර ඇයගේ අතක ආබාධයක් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් එම සිසුවිය ක්‍රීඩා උපදේශකවරයා දැනුවත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ සදහා ප්‍රථමාධාර ලබාදීමට යැයි පවසා සැකකාර ක්‍රීඩා උපදේශකවරයා විසින් එම සිසුවිය ක්‍රීඩාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහිදී ආබාධයට ලක් වූ අතට ප්‍රථමාධාර කිරීමේ මුවාවෙන් ඔහු සිසුවියට අතවර කිරීමට තැත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් ක්‍රීඩා උපදේශකවරයා දෙහිවල ප්‍රදේශයේ වෙනත් පාසලක සේවය කරන්නෙකු වනවා.
ඔහු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.




