Published
කිසිවෙකුගේ බලපෑමට යටත් නොවී පාස්කු ප්රහාරය පිළිබද විමර්ශන අඛණ්ඩව ක්රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 192 වන වාර්ෂික මංග්යය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ කුමන පාර්ශ්වයකින් බාධා පැමිණියද එහි පරීක්ෂණ නිසි පරිදි සිදු කරනන ලෙස අදාල පාර්ශ්වවලින් ඉල්ලීමක්ද සිදු කරන බවයි.




