වයස අවුරුදු 16ට අඩු දරුවන් අන්තර්ජලයට ඇබ්බැහි වීම මෙන්ම බෝ නොවන රෝග වලට ගොදුරුවීමේ වැඩි අවදාානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ දරුවන් තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර, ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය පරිශීලකයින් නොමඟ යැවීම හේතුවෙන් ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 375 ක වන්දියක් ගෙවන ලෙස අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් ඊයේ නියෝග කළා.
Meta සමාගමට අයත් වේදිකාවන් හරහා ළමුන් අනතුරට පත් කිරීම, ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශනවලට ඔවුන් නිරාවරණය කිරීම සහ ලිංගික අපරාධකරුවන් සමඟ සම්බන්ධ වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් එම සමාගම වගකිව යුතු බවටයි ජූරි සභාව තීරණය කර ඇත්තේ.
0අභ්‍යන්තර පර්යේෂණවලට අනුව හෙලි වී ඇතැයි වාර්තා වන්නේ එක් සතියක් තුළ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ගෙන් 16%ක් තමන්ට අනවශ්‍ය නිරුවත් දර්ශන හෝ ලිංගික ක්‍රියාකාරකම් දර්ශනය වූ බවටයි.




