අහංගම, පෑලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩා වැටී ඊට යටවූ පුද්ගලයින් තිදෙනාම මියගොස් ඇතැයි පොලීසිය තහවුරු කළා.

මෙම අනතුර සිදු වූයේ ඊයේ රාත්‍රී 09.00ට පමණයි.

පෑලැස්ස ප්‍රදේශයේ කබානා ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතු සිදුවන ස්ථානයක මෙම පස් කණ්ඩියක් කඩා වැටී තිබුණා.

ඊට යටවී තිබුණේ එහි ඉදිකිරීම් සිදු කරමින් සිටි කම්කරුවන් තිදෙනෙක්.

අනතුරෙන් පසුව ඔවුන් රෝහල් ගත කළද එම තිදෙනාම මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

අහංගම පොලීසිය පැවසුවේ මෘත දේහ අහංගම රෝහලේ තැන්පත් කර ඇති බවයි.