කතෝලික පියතුමෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් 06 දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ගම්පහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී - 1 විසින් අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරුන් තිදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු එලෙස වැඩ තහනමට ලක්ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් ඊයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබ 29 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.