බන්ධනාගාරගතව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්‘ හමුවීමට තමන් ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

2018 - 2019 කාලසීමාවේ එලෙස පිල්ලෙයාන් හමුවීම රහසක් නොවන බවයි සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට ඊයේ දිනයේ කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගේ නමද සඳහන්ව තිබීම හේතුවෙන් ඊට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අදාළ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ අධිකරණයට කියා සිටියේ, පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවී ඇති බවයි.