Published
පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර, පුද්ගලයකු රවටා රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද පැමිණිල්ලකට අනුව වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකදීයි.
සැකකරු අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුම් ප්‍රවේශ දත්ත ලබා ගනිමින් මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුද්ගලික ආයතනයක සේවය කරන දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙක් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




