මෙම වසරේ පෙබරවාරි මාසය තුළ විදේශීය සංචාරකයින් දෙලක්ෂ 79,328 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 16යි දශම 2ක වැඩිවීමක්.

පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය සියයට 17%ක අගයක් ගෙන තිබෙනවා.

එක්සත් රාජධානියෙන් 30,788ක්, රුසියාවෙන් 23,099ක් සහ ජර්මනියෙන් 22,566ක් පසුග්ය මාසයේදී මෙරටට පැමිණ තිබෙනවා.

චීන සංචාරකයින් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්තා වල සඳහන්.

ඒ අනුව, මෙම වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා මෙරටට පැමිණ ඇ විදේශිය සංචාරකයිනි ගණන පන් ලක්ෂ 56,655ක් වන බවද එම වාර්තාවල දැක්වෙනවා.