Published
පේසාලේ, 4 වන කොටස ප්රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ තරුණයින් සිව් දෙනෙකු එම මුහුදු තීරයේ දියනාමින් සිටියදී දියේ ගිලී ඇති බවයි.
එහිදී අවට සිටි පිරිසක් විසින් එම තරුණයින් සිව් දෙනාගෙන් තිදෙනෙකු බේරාගෙන මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් අවුරුදු 16 සහ 17 වයස්වල පසු වූ පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.
අතුරුදන් වූ අනෙක් තරුණයා සොයා සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
මේ අතර පානදුර මුහුදු තීරයේ දියනාමින් සිටියදී දියවැළකට හසුව ගසාගෙන යමින් සිටි පුද්ගලයෙකු පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බේරාගෙන තිබෙනවා.
එලෙස බේරාගෙන ඇත්තේ වයස අවුරුදු 52 ක් වූ කැස්බෑව ප්රදේශයේ පදිංචිකරුවෙක්.




