Published
අක්කරපත්තුව, ආලම්කුලම් ප්රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 48ක් වූ අට්ටාලචේන ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි අක්කරපත්තුව පොලීසිය පැවසුවේ.
ඔහු විසින් පොල් වත්තක ඇද තිබූ විදුලි රැහැනක් අලුත්වැඩියා කිරීමට යාමේදි මෙලෙස විදුලි සැර වැදි තිබෙනවා.
එහිදි බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




