Published
පොලිස් නිලධාරීන්ට මසකට අවම ලෙස දින තුනක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
ඉකුත් කාලය තුළ පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වයකට පත්වීම හේතුවෙන් ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබෙන අතර එම කරුණු සැළකිල්ලට ගනිමින් මෙම තිරණ ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කළේ.
මේ අතර පොලිස් සේවයේ ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.



