පාතාල කල්ලි නායකයින්ට සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට සහාය ලබාදෙන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

පොලිස් නිලධාරින්ගේ විනය සකසා ගැනීමකින් තොරව ජනතාව වෙත ළඟාවිය.

නොහැකි බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ මට්ටමින් බලාපොරොත්තු වන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පැකිලීමකින් තොරව සියලු පොලිස් නිලධාරින් කටයුතු කළ යුතු බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩි දුරටත් සඳහන් කළා.