පොලිස් නිලධාරියෙකුට අල්ලසක් ලෙස රුපියල් 50,000ක මුදලක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්.

බෙම්මුල්ල පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්‍ෂකවරයෙකු කළ පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

නියමිත ධාරිතාවයට වඩා වැඩි යතුරු පැදියක් මාර්ගයේ ධාවනය කිරීම සහ ලියාපදිංචි නොකර ධාවනය කිරීම යටතේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති යතුරු පැදිය සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු නොකර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් තොරව නැවත යතුරු පැදිය ලබා දෙන ලෙසට ඉල්ලා සැකකරු විසින් මෙම මුදල් අල්ලසක් ලෙස ලබා දීමට උත්සාහකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි යතුරුපැදි කාර්මිකයෙක්.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.