සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී සහ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

ඔහු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සැකකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවයි.

සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රඳවාගෙන සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයක් සඳහා රැගෙන යාමේදී අදාළ විමර්ශන නිලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.