පොලිස් නිෂ්කාශන අංශය වෙත වට්ස්ඇප් මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් එම පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම නව දුරකථන අංකය 071-859 59 50 වනවා.

එම අංකය නැවතත් 071-859 59 50.

අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් පණිවිඩ මඟින් යොමු කිරීමට සහ පොලිස් නිෂ්කාශන අංශය සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදුකිරීමට මේ හරහා පහසුකම් සැලසෙන බවයි පොලීසිය පැවසුවේ.