Published
රථවාහන වැරදි සිදු කරන රියදුරන් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි අවධානයක් යොමු කරන බව පොලිසිය පවසනවා.
රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වසරේ අවසන් දින කිහිපයේ බොහෝ පුද්ගලයින් විනෝද සංචාරවල නිරත වන බැවින් එලෙස දුරබැහැර ප්‍රදේශවලට රිය පැදවීමේදී වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි.
මත්පැන් පානය කර රිය ධාවනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිවනීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දි ඇති බවද රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකටද රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා පිළිතුරු ලබා දුන්නා.




