Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
අද පෙරවරුවේත් බංග්ලාදේශ පිතිකරුවන් සිය ආධිපත්‍ය පතුරවමින් ගාලු ජාත්‍යන්තර ක්ර්රීඩා පිටියේ පිති හරඹයක නිරත වුණා.
දිනයේ පළමු කඩුල්ල ලෙස නායක නජ්මුල් හුසේන් සැන්ටෝ ලකුණු 148ක් රැස් කරගෙන සිටියදී දැවී ගියා.
මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 141යි.
ලිටන් දාස් නොදැවී ලකුණු 43යි.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලකුණු 383ක් රැස් කරගෙන සිටියා.