Published
පකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
ඒ, අවසන් මහා තරඟයේදී උණුසුම් සටනකින් පසු බංගලාදේශය පරාජය කරමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංගලාදේශයට නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 154ක් පමණයි.
ශ්රී ලංකා ජයග්රහණය සඳහා පිත්තෙන් ඉහළම දක්ෂතාව දැක්වීමට සංජනා කාවින්දි සමත් වුණා.
ඇය පන්දු 44කදී ලකුණු 64යි.
පන්දු යැවීමේදී චමුදි ප්රබෝදා සහ චමෝදි හේරත් කඩුලු දෙක බැගින් දවා ගත්තා.


