බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමටයි මීට පෙර තීරණය කළේ.

ඒ අනුව සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවට පත්කර තිබෙනවා.

මේ අතර සෑම බදාදා දිනකම රජයේ අනුමත පෞද්ගලික පාසල් ද නොපවත්වන ලෙසට ඉල්ලීමක් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ජාත්‍යන්තර පාසල් සඳහා ද එම ක්‍රමවේදය අනුගමනය කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා ඇත්තේ.

මේ අතර, සතියේ සෑම බදාදා දිනකම පෙර පාසල් නොපැවැත්වීමට ද උපදෙස් ලබා දී ඇති බව ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පැවසුවා.

කෙසේවෙතත් සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන පෙර පරිදිම පරිදි රාජකාරී සිදුකළ යුතු වනවා.