වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අද පැහැදිලි කිරීමක් සිදුකළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු අනීතික ලෙස නිදහස් කිරීමට අදාළ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ බවයි නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දුර්මත සමාජගත කිරීමෙන් වළකින ලෙසට නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා ඉල්ලීමක් ද කළා.