මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්වයන් හමුවේ බල ශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇතිවීම වැලැක්වීම සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානියක මහතා පවසනවා.

ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවත් විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දැනට ඇනවුම් කර ඇති ඉන්ධන නැව් මෙරටට පැමිණීම ප්‍රමද වන බව දැනුම් දී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

අමතර ඉන්ධන තොග ලබා ගැනීමට මිතුරු රාජ්‍යයන් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් ඉන්ධන තොග ලබා ගැනීමට කඩිනම් ටෙන්ඩර් කැදවීමක් දැනටමත් සිදුකර ඇති බවත් ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියාසිටියා.

ඉන්ධන ලබා දීම සඳහා කේත ක්‍රමය හදුන්වාදුන් හේතු පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.