Published
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද උදෑසන පැවැත්වුණා.
මේ අතර බාල ගල් අඟුරු ගෙන්වීමේ සිද්ධියට විරෝධය පල කරමින් සහ බලශක්ති අමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉවත්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර මංසන්ධිය අසල විරෝධතාවක්ද පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා.






