ඉන්ධන මිල ඉහළ දැමුණ ද බස් ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ජාතික බස් ගාස්තු ප්රතිපත්තියට අනුව මෙවර බස් ගාස්තු ඉහළ දැමීමට තරම් ඉන්ධන මිල ඉහළ ගොස් නොමැති බවයි එම සංගමය පැවසුවේ.
කෙසේවෙතත් ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පාසල් ප්රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ප්රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් එල් මල් ශ්රී ද සිල්වා මහතා කියා සිටින්නේ ප්රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡා කර යම් ප්රමාණයකින් ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.
අවස්ථා කිහිපයක දී ඩීසල් මිල ඉහළ දැමුන ද පාසල් වෑන් රථ ගාස්තුව ඉහළ නොදැමූ බවද ඔහු කියා සිටියා.
එහෙත් මෙවර ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පවතින ගාස්තු තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවයි සමස්ත ලංකා පාසල් ප්රවාහන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් එල් මල් ශ්රී ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.




