බිරිඳ සමග ආරවුලක් ඇතිකරගත් පුද්ගලයෙකු එම ආරවුලෙන් පසු මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ අධි සැර විදුලි කුළුණක නැග තිබෙනවා.

මේ බව සැලවීමත් සමග විදුලිබල මණ්ඩලය ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර විදුලි කුළුණ මතට නැගි පුද්ගලයා බිමට බැස්වීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටිනවා.