Published
බෙලිඅත්ත, නිහිළුව ප්රදේශයේ පොලිස් නිලධාරියෙකු නිවසකට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් ඉන් කිසිවෙකුවටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසියි පැවසුවේ.
අදාළ පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඉඩම් ආරවුලක් කලක සිට පවතින බවටයි සිදුකළ පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව ඔහුගේ සහෝදරයාගේ පාර්ශවයෙන් එම වෙඩි තැබිම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
අදාළ වෙඩි තැබීමේ සිද්ධියට ඩුබායිහි රැදි සිටින පුද්ගලයෙකුද සම්බන්ධ බව ද පැවසෙනවා.
ඔහු පොලිස් නිලධාරියාගේ සහෝදරයාගේ ඥාතියෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්රියාත්මකයි.




