නුවරඑළියේදි භෞත චිකිත්සකවරියක් ඝාතනය කළ සිද්ධියට බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් සිව් දෙනා අද යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, එම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදි නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළේ සැකකරුවන් අගෝස්තු 3 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව භෞතික චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.