මිරිහාන පොලිස් වසමේ මාදිවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදීයි.

ඒ අනුව සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 649ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 109ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 558ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.