දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසනවා.
එම යාත්‍රා දෙකෙහි තිබූ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි නාවික හමුදාව පැවසුවේ.
අදාල බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක පමණ ප්‍රමාණයක් ඇති බවටයි නාවික හමුදාව සැක කරන්නේ.
නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
තවදුරටත් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ නාවික මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු සහ සන්නිවේදන උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.




