පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ලබන 29 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඉලවාලෙයි පොලීසිය මගින් අද උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

ගිනි අවියක් පෙන්වා සාපරාධී බියවැද්දීම සහ අයුතු ඇතුළුවීම යන චෝදනා යටතේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැණුනා.

ඒ, පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි.