වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරුණා.

මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වනවා.

එමගින් අපේක්‍ෂිත වාර්ෂික බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය විසිකෝටි හැත්තෑ ලක්‍ෂයක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක් වන අතර මෙම ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතයි.

මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ අද ඉදිකිරීම් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන ව්‍යාපෘතියක් මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘතියක් බවයි.

මෙම ව්‍යාපෘතිය සැබෑ ලෙසම රටේ සංවර්ධනයට සහ ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙනු ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මන්නාරම දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද එහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා.