රංගන ශිල්පිණි මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ට එරෙහිව තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන විරෝධයට ප්‍රතිචාර ලෙස කිසියම් කණ්ඩායමක් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනි යොහානි ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය විරෝධයක් නිර්මාණ කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව, මෙම කණ්ඩායම යොහානිගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඇය හෙළා දකිමින් කමෙන්ට් පළ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙමගින් සමාජ මාධ්‍යය තුළ යොහානි අප්‍රසාදයට පත් කිරීමටත් ඇගේ ශ්‍රේණිගත කිරීම් පහළට ගෙන ඒමටත් මෙම කණ්ඩායම උත්සාහ කරමින් සිටින බව විෂය ප්‍රවීණයන් පවසනවා.

මෙම සමාජ මාධ්‍ය විරෝධයට ආසන්නම හේතුව වී ඇත්තේ ඉන්දියාවේ පැවති ප්‍රසංගයකදී යෝහානි ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කිරීම සහ එහි ඡායාරූප සමඟ ඇය විසින් ඇගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරන ලද සටහනක්.

Our flag. Our language. Our music.

To stand on this stage and hear a crowd so far from home sing along with me is something I’ll never forget.

Thank you, Ziro, for all the love, the energy and the warmth.

So proud to carry a little piece of Sri Lanka with me wherever I go.

ලෙස යොහානි මෙම සමාජ මාධ්‍ය සටහන තබා තිබෙනවා. එහි සිංහල පරිවර්තනය මෙසේයි....

අපේ කොඩිය. අපේ භාෂාව. අපේ සංගීතය.
මව්බිමෙන් මෙච්චර ඈතකදී මෙහෙම වේදිකාවක ඉඳගෙන, පිරිසක් මාත් එක්ක එකතුවෙලා සින්දු කියනවා අහන්න ලැබුණු එක මට කවදාවත්ම අමතක වෙන්නේ නැති අත්දැකීමක්.
ලැබුණු ආදරයට, ශක්තියට වගේම උණුසුම් පිළිගැනීමට බොහොම ස්තූතියි, සීරෝ (Ziro).
මම යන යන හැම තැනකම ශ්‍රී ලංකාවේ ආඩම්බරය අරන් යන්න ලැබීම ගැන මට ගොඩක් ආඩම්බරයි.

යොහානි මෙම සමාජ මාධ්‍ය සටහන තබන්නේ සහ ඉන්දියාවේ පැවති සංගීත ප්‍රසංගයේදී ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කරන්නේ Netflix රංගන ශිල්පිනි මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ට එරෙහි සමාජ මාධ්‍ය විරෝධය තවදුරටත් වර්ධනය වෙමින් තිබියදීයි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මෛත්‍රී රාමක්‍රිෂ්ණන් තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස හැඳින්වීම ප්‍රතික්‍ෂේප කරමින් සහ තමන් දෙමළ ඊළාම් සංස්කෘතික පසුබිමක් සහිත තැනැත්තියක ලෙස හඳුන්වාදීම හේතුවෙන් ඇයට එරෙහි මෙම විරෝධය වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය රඟපෑ Best of the Best චිත්‍රපටයේ IMDB අගය ද කැපී පෙනෙන ලෙස පහත වැටුණු බවයි විෂය ප්‍රවීණයන් කියා සිටියේ. එයින් කලබලයට පත් ඊළාම් හිතවාදී කණ්ඩායම් දැන් යොහානි ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය විරෝධය නිර්මාණය කර ඇතැයිද සැක කෙරෙනවා.