සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට එල්ල වී ඇතැයි කියන මරණ තර්ජන සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ වුණා.

ඒ, රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ දිනයේ සිදුකළ ප්‍රකාශයක්ද මුල් කර ගනිමින්. ඒ සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට කතානායක ජගත් වික්‍රමරත්න මහතා පිළිතුරු ලබාදුන් අතර එම අවස්ථාවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එහිදී විවාදයට එක් වුණා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි මහතා සහ රෝහණ බණ්ඩාර මහතා ද විවාදයට එක්වු අතර ඊටද කතානායකවරයා ප්‍රතිචාර දැක්වූවා.

යළිත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, ඉන් අනතුරුව විවාදයට එක් වූ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා