Published
යම් වැරදි සිදුව ඇති බවට අග්‍රාමාත්‍යවරිය පවා පිළිගෙන තිබියදී නැවතත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ කුමන හේතුවක් නිසා දැයි මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් ප්‍රශ්න කරනවා.
ඒ, හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙමව්පියන්ගේ සංවිධානය නාහිමියන් බැහැ දැක, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සංදේශයක් බාර දුන් අවස්ථාවේදීයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ නව විෂය නිර්දේශය ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරිමට නියමිතයි.




