මව්පිය රැකවරණය අහිමිවූ දරැ දැරියන්ට රැකවරණය ලබා දීමේ වැඩසටහනක් ඉමදූව පොලිස් ස්ථාන ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.

ජිවිතය ජය ගනිමු යන්න එහි තේමාවයි.

දෙමව්පියන් අහිමි රැකවරණය ලැබිය යුතු දරු,දැරියන් 65 දෙනෙකු මේ සදහා තෝරා ගෙන තිබෙනවා.

අද දින ඔවුන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සදහා ක්‍රීඩා,සංස්කෘතික හා විනෝදාත්මක වැඩසටහන් ද ක්‍රියාත්මක වුණා.

පාසල් උපකරණ සහ ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග සිදු කිරීමද මෙහිදී සිදු කෙරුණා.

ඔවුන් සදහා අඛණ්ඩ රැකවරණය හා ජිවිතයට අවශ්‍ය මගපෙන්වීම සිදුකරන බව ඉමදුව පොලිස් ස්ථානාධිපති ජේ.සී අලවත්ත මහතා පැවසුවා.

එම අවස්ථාවට සහකාර පොලිස් අධිකාරි රසිකා දමයන්ති, ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරි ප්‍රමිල් ආරච්චි එක් වුණා.