අද දිනයේ දි අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එහි සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ සිය සංගමය මෙම තීරණය ගනු ලැබුවේ වසර 14 කට පසුව ඊයේ කොළඹ පැවැති මහ සභා රැස්වීමෙන් අනතුරුව බවයි.

ඒ සදහා නීතිඥයින් 3500 ක් පමණ සහභාගී වී සිටි අතර ඇතැම් පිරිස් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කියාසිටියේ.

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් සදහන් කළා.