Published
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු ලබන 17 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, මහනුවර මහේස්ත්‍රාත්, විනිසුරු දේවිකා සී ජයවර්ධන මහත්මිය ලබාදුන් නියෝගයක් මතයි.
අපරීක්ෂාකාරීව රිය ධාවනය කර පදිකයෙකු මරණයට ලක්කර, තවත් වාහන දෙකකට අලාභහානි සිදුකිරිමේ චෝදනා යටතේ එම වෛද්‍යවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.
වත්තේගම, ලේවැල්ල පාලම අසලදී සැකකාර වෛද්‍යවරයා පැදවූ මෝටර් රථයේ ගැටී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59ක් වූ පුද්ගලයෙක්.
එම පුද්ගලයා සිය දරුවා පාසලෙන් රැගෙන යාමට යතුරු පැදියෙන් පැමිණ මාර්ගය අයිනේ සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ මේ වනවිට මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.




