Published
මහනුවර නගරයේ, කැප්පෙටිපොල මාවතේ පදික වේදිකාවේ කොන්ක්රීට් තට්ටු කඩා වැටී අඩි 09 පමණ වලකට වැටී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පදිකයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිත ජේ එල් ජයසිංහ පැවසුවේ.
රෝහල් ගත කල එම පදිකයන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොමැති බවද ඔහු පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




