මහනුවර, ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ වාහනයක ගැටීමෙන් එම පාසලේ හත් හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරට මුහුණ පෑ තවත් සිසුවෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තමා වාහනය නවතා ඉන් බැසයෑමෙන් අනතුරුව තිරිංග දෝෂයක් හේතුවෙන් වාහනය එක්වරම පල්ලමකට ධාවනය වී අනතුර සිදුව ඇති බව අදාල පාසලේ අධ්‍යක්ෂවරයා පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනවා.