මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ නිලධාරීන් එම බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වී තිබෙනවා. ඒ අනුව සිය නිලධාරීන්, යුද හමුදා සහ බන්ධනාගාර නිලධාරීන් සමග මහර බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වූ බවයි පොලීසිය පැවසුවේ.

බන්ධනාගාරය තුළ නොසන්සුන්තාව හටගත්තේ ඊයේ පස්වරු 4ට පමණයි. එහිදී ඇති වූ ගැටුම් හමුවේ එක් රැඳවියෙකු මියගොස් තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රෝහල්  ගත කර තිබෙනවා