මාලදිවයින ජනාධිපති මොහොමද් මුයිසු මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව ගියා.

මාලේ නුවර බලා මාලදිවයින ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

මාලදිවයින ජනාධිපතිවරයා, ඔහුගේ බිරිද ඇතුළ දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙරට සංචාරයේ නිරත වුණා.

මාලදිවයින ජනාධිපතිවරයා දිවයිනේ රැදි සිටි කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡාවල නිරත වුණා.