Published
මැද පෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.
එම තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ.
මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා, අදාළ සියලු පාර්ශවයන් නැවත සංවාදයට පැමිණ නොපසුබට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතු බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.